Translation(s): Brasileiro - Deutsch - English - Italiano - Korean - Español - Français - Nederlands - Polski - Русский - Ελληνικά - 简体中文 - සිංහල-(Sinhala)


Debian නිකුතුව(Releases) සමඟ හුරු වීම

Debian අනුවාද(versions) පිළිබඳ වැඩි විස්තර සඳහා මෙහි යොමු වන්න Debian නිකුතුව(Releases). ඊට අමතරව පහත දැක්වෙන අදහස් ඔබේ තීරණයට මග පෙන්වනු ඇත.

ස්ථාවර(Stable)අනුවාදය

ආරම්භක දිනයේ සිටම Debian මෙහෙයුම් පද්ධතියේ සමස්ත ලක්ෂණය වූයේ “ස්ථාවර(stable)” යන සංකල්පයයි. එය එසේ කරනු ලැබුවේ එකල පැවති වෙනත් දේට ප්‍රතිචාරයක් වශයෙනි: ඒවා නම් ?SoftLandingSystems "SLS" සහ "Slackware" යන මෙහෙයුම් පද්ධතීන්ය. පද්ධති පරිපාලකයින්ට(systems administrators) සේවාදායක පරිගණක(servers) සඳහා එය අවශ්‍යම ගුණාඟයක් බැවින් Debian ස්ථාවරත්වය(stability) යන සංකල්පය තෝරා ගත්තේය. නව පැකේජ භාවිතයෙන් ඔබේ සුපුරුදු වැඩ ප්‍රවාහය(work flow) බිඳ දැමීමේ අවදානමකින් තොරව, පරිගණකය දීර්ග කාලයක් භාවිතා කිරීමට ඔබට අවශ්‍ය නම් Debian "ස්ථාවර(''stable'') අනුවාදය(versions) තෝරා ගන්න. බොහෝ අවස්ථාවන්හීදී, පරිශීලකයන් Debian ගැන කතා කරන විට, ඔවුන් අදහස් කරන්නේ Debian "ස්ථාවර(stable)" යන්නයි". Debian ස්ථාවර(stable)හෝ කේත නාමය (bookworm) සඳහා ජාල ස්ථාපනය(network installation) කිරීමේ රූප(images) මෙම ලින්ක් එක මගින් http://www.debian.org/CD/netinst/ බාගත(download) කර ගතහැකිය.

අත්හදා බැලීම(Testing) අනුවාදය

සියලුම ස්ථාපිත මෘදුකාංගවල මෑත කාලීන පැකේජ Debian හරහා අඛණ්ඩව පවත්වාගෙන යාම ඔබට වැදගත් නම්, විටින් විට දෝෂයක් මිශ්‍ර විය හැකි යාවත්කාලීනයන්(updates) නිරන්තරයෙන් බාගත කර ස්ථාපනය කිරීමට ඔබ කැමති නම්, සහ ස්ථාවර තත්වයට පත්වීමට තර්ජනය කරන දෝෂ වළක්වා ගැනීමට ඔබට අවශ්‍ය නොවන්නේ නම්, ඔබට Debian ''අත්හදා බැලීම(Testing)'' අනුවාදය තෝරා ගත හැකිය. Debian අත්හදා බැලීම(Testing)] හෙවත් කේත නාමය (trixie) සඳහා ජාල ස්ථාපනය(network installation) කිරීමේ රූප(images) මෙම ලින්ක් එක මගින් http://www.debian.org/devel/debian-installer/ බාගත(download) කර ගතහැකිය.

අස්ථායි(Unstable) අනුවාදය

Debian මෙහෙයුම් පද්ධතියේ නවතම පැකේජ තිබීම ඔබට වැදගත් නම්, ඔබ Debian අස්ථායී(unstable) අනුවාදය ගැන දැන සිටිය යුතුය. අස්ථායි සඳහා දැනට ජාල ස්ථාපන රූප (network installation images) නොමැත. ඔබට Debian අස්ථායී අනුවාදය ස්ථාපනය කිරීමට අවශ්‍ය නම්, ස්ථායී අනුවාදය සඳහා ස්ථාපන රූපය(installation image) බාගත කර /etc/apt/sources.list ගොනුව(file) සංස්කරණය කිරීමෙන් අත්හදා බැලීම(Testing) අනුවාදයට යාවත්කාලීන කර ඊළගට අස්ථායි අනුවාදය බවට උසස් කර ගන්න.


සුදුසු ස්ථාපන මාධ්‍ය තෝරා ගැනීම

පරිගණක දෘඩාංග CPU ආකෘතියට (hardware architecture) ගැලපෙන ස්ථාපකය ඔබ බාගත කර ඇති බවට වග බලා යුතුය. (i386 ආකෘතිය Intel සහ AMD 32 bit CPU සඳහා භාවිතා කරයි. Amd64 ආකෘතිය )amd64) Intel සහ AMD 64 bit CPU සඳහා භාවිතා කරයි.) Amd64 ආකෘතිය (amd64) බොහෝ පොදු පරිගණක දෘඩාංග සඳහා සුදුසු වේ.

ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා ස්ථාපන මාධ්‍යයේ ප්‍රධාන තේරීම් දෙකක් තිබේ.

ජාල ස්ථාපන රූපය

බ්‍රෝඩ්බෑන්ඩ්(broadband) අන්තර්ජාල ප්‍රවේශය ඇති අය සඳහා 650 MB ISO අනුරූ සම්පූර්ණ කට්ටලයක් බාගත කරනවාට වඩා අවම ජාල ස්ථාපන රූපයක් (network installation image) භාවිතා කිරීම වඩාත් සුදුසුය. මෙම ජාල ස්ථාපනය ISO හි මූලික Debian පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය තරම් පැකේජ අඩංගු වේ. එය Netinst ලෙස හැඳින්වේ. ස්ථාපනය කිරීමේ ක්‍රියා පටිපාටිය අතරතුරදී අවශ්‍ය පැකේජ පමණක් අන්තර්ජාලයෙන් බාගත කර ඇති අතර එය සමස්තයක් ලෙසස්ථාපනය කිරීම වඩාත් කාර්යක්ෂම කරයි. Netinst ISO රූපයක් 180 MB ධාරිතාවකින් යුක්ත වේ.

ඔබේ රැහැන් රහිත ජාල කාඩ්පත (Wireless card) Debian ස්ථාපකය(installer) විසින් හඳුනාගෙන නොමැති නම්, රැහැන් රහිත(wired) හෙවත් (Ethernet කේබල්) සම්බන්ධතාවයක් භාවිතා කර ස්ථාපනය කිරීම හෝ වෙනත් ජාල කාඩ්පතක් භාවිතයෙන් ස්ථාපනය කිරීම සලකා බැලිය හැකිය. ඕනෑම අවස්ථාවක අන්තර්ජාල කලාප පළල(bandwidth) හේතුවෙන් රැහැන් සහිත(wired) සම්බන්ධතාවයක් සමඟ ස්ථාපනය කිරීම හෝ ආරම්භක ස්ථාපනය අවසන් වන තෙක් රැහැන් රහිත සැකසුම කල් දැමීම සුදුසු විය හැකිය.

ස්ථාපනය අතරතුර ඔබට ජාල සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ක්‍රමයක් නොමැති නම්, ඔබට සම්පූර්ණ ස්ථාපන සංයුක්ත(CD) තැටි හෝ ඩීවීඩී(DVD) භාවිතයෙන් ස්ථාපනය කිරීමට අවශ්‍ය වනු ඇත.

සම්පූර්ණ CD/DVD ස්ථාපන රූප

මෙම ස්ථාපන රූප වර්තමාන Debian ස්ථාවර(''stable'') නිකුතුවේ ඇති සියලුම පැකේජ අවශ්‍ය අය සඳහා වේ.

සම්පූර්ණ කට්ටලයක සංයුක්ත තැටි 30 කට වඩා (හෝ ඩීවීඩී(DVD) 5 ක්) තිබුණද, Debian ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය වන්නේ ළමු සංයුක්ත තැටිය හෝ ඩීවීඩී තැටිය පමණි. අතිරේක ස්ථාපන රූප අත්‍යවශ්‍ය නොවන අතර ඒවායේ අතිරේක පැකේජ ඇතුළත් වේ. ඒවා ස්ථාපනය අතරතුර හෝ පසුව තනි තනිව බාගත කළ හැකිය.


නිදහස් නොවන ස්ථිරාංග(Firmware)

සාර්ථක ස්ථාපනයක් සඳහා ඔබට ස්ථිරාංග බාගත කිරීමට අවශ්‍ය වන්නේ කෙසේද සහ එසේ අවශ්‍ය නම් එය සිදු කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට කරුණාකර ?Firmware) පිටුව බලන්න.

සියලුම නිදහස් නොවන ස්ථිරාංග(firmware) පැකේජ සෘජුවම ඇතුළත් වන අතිරේක ස්ථාපන රූපවලින් එකක් ඔබට භාවිතා කළ හැකිය. මේ සඳහා අපට විශේෂ “netinst” CD රූප සහ DVD ස්ථාපන රූප ඇත. මේ සඳහා පහත සබැඳිය(link) වෙත පිවිසෙන්න. http://cdimage.debian.org/cdimage/unofficial/non-free/cd-including-firmware/

ආරම්භ කළ හැකි (Bootable) Debian USB Flash Drive එකක් නිර්මාණය කිරීම

ස්ථාපන ISO රූපය බාගත කිරීම අවසන් වූ පසු, ඊළඟ පියවර වන්නේ ඔබට Debian ස්ථාපනය කිරීමට භාවිතා කළ හැකි ආරම්භක මාධ්‍යයක් (bootable media) නිර්මාණය කිරීමයි. ස්ථාපනය කිරීමේ වඩාත් පොදු ක්‍රමය වන්නේ USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් භාවිතා කිරීමයි. ඔබට CD තැටියක් හෝ DVD එකක් භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඔබට තවමත් එම ක්‍රමය භාවිතා කළ හැකිය. ISO රූපය සංයුක්ත තැටියකට පුළුස්සා(burn) දැමීමට, IMGBurn භාවිතා කරන්න.

දැනටමත් ස්ථාපනය කර ඇති Windows, MacOS හෝ GNU/Linux පද්ධතියක් භාවිතයෙන් ආරම්භ කළ හැකි USB ධාවකයක් නිර්මාණය කිරීම සඳහා විශ්වාසදායක තේරීමක් ලෙස Rufus මෙවලම භවිතා කල හැකිය.].


USB ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකින් ආරම්භ කිරීම

Debian මෙහෙයුම් පද්ධතිය, ඔබ වෙනත් මෙහෙයුම් පද්ධතියක් සමඟ ද්විත්ව ආරම්භ (dual boot) කිරීමට අදහස් කරන්නේ නම්, මෙහෙයුම් පද්ධති දෙකම එකම ඇරඹුම් මාදිලිය (boot mode) සමඟ ස්ථාපනය කළ යුතුය. 2012 න් පසු නිෂ්පාදනය කර ඇති බොහෝ පරිගණක UEFI මාදිලිය (mode) ආරම්භ වේ, එබැවින් මෙම වින්‍යාසය මඟින් Debian ස්ථාපනය කර ආරම්භ කිරීමේදී UEFI මාදිලිය (mode) භාවිතා කිරීමට නිර්දේශ කරයි. ඔබේ පරිගණකයේ දැනටමත් ස්ථාපනය කර ඇති මෙහෙයුම් පද්ධතිය BIOS (පැරැණි) මාදිලිය (mode) ආකාරයෙන් ස්ථාපනය කර ඇත්නම් ඔබේ අලුත් Debian මෙහෙයුම් පද්ධතියද BIOS mode වලින් ස්ථාපනය කළ යුතුය. ඔබේ පරිගණකය ආරම්භ වූ පළමු තත්පර කිහිපය තුළ වත්මන් ඇරඹුම් මාදිලිය (mode) පරීක්ෂා කිරීමට ඔබට හැකි විය යුතුය. සමහර පොදු යතුරුපුවරු විකල්ප අතරට "F2", "F8", "F12" සහ "DELL" යතුරු ඇතුළත් වේ.

දැනට, ආරක්ෂිත ඇරඹුම Debian "Stretch" අනුවාදයෙහි නොමැත. සාර්ථක ස්ථාපනය සඳහා, ආරක්‍ෂිත ඇරඹුම අක්‍රිය කර ඇති බවට වග බලා ගන්න. "?Buster" ලෙස නම් කර ඇති Debian හි ඊළඟ ස්ථාවර නිකුතුවෙහි ආරක්‍ෂිත ඇරඹුම දක්වයි.

නිසි ඇරඹුම් මාදිලිය සැකසූ පසු, ඔබේ ස්ථාපනය ආරම්භ කිරීමට ඔබ සූදානම්ය. ඩේබියන් ස්ථාපකය පූරණය (loading) නොවන්නේ නම්, ඔබට ඔබේ ඇරඹුම් විකල්ප වෙනස් කර USB Flash Drive මඟින් ආරම්භ කිරීමසිදුකල කළ යුතුය.


ස්ථාපනය(Installation)

ඔබේ පරිගණකයේ විශාල වෙනසක් කිරීමට පෙර ඔබ සැමවිටම ඔබගේ සියලු වැඩ උපස්ථ(backup) කළ යුතුය. Debian ස්ථාපකය(installer) පුළුල් ලෙස පරීක්‍ෂාවට ලක් කර ඇති නමුත්, ඔබ ඔබේ නව මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන අතරතුර වැරදි සිදු වීම වළක්වා ගැනීමට හෝ ඔබේ නගරයේ විදුලිය ඇනහිටීම ඔබට වළක්වා ගත නොහැක.

පද්ධති පරිපාලනය සඳහා "sudo" සහ ඔබේ සාමාන්‍ය මුරපදය භාවිතා කිරීමට, ස්ථාපනය අතරතුර root හි මුරපදය හිස්ව තබන්න.


Installation FAQ

ToDo


Post-Install Tips

ToDo


See also


ToDo